Tamil-Sri LankaEnglish (United Kingdom)

මුල් පිටුව අප ගැන දළ විශ්ලේෂණය

දළ විශ්ලේෂණය


 

උතූරු පළාතේ බටහිර වෙරල තීරයේ  මන්නාරම් දිස්ත්‍රික්කය පිහිටා ඇත. මෙම දිස්ත‍්‍රික්කය වර්ග කිලෝමීටර් 2002 කින් සමන්විත වෙ. සාමාන්‍ය වශයෙන් මෙය ලංකාව් වර්ග ප‍්‍රමාණයෙන් 3% ක් පමණ වේ.මෙම දිස්ත්‍රික්කය වෙන් වශයෙන්  කොටස් දෙකක්ව පවති.එක් පැත්තක් දූපතක් වශයෙනුත්  අනෙක් පැත්ත ප‍්‍රධාන ගොඩබිම තූළත් පිහිටා තිබේ. මෙම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නගරය  මන්නාරම් දූපත තුළ පිහිටා තිබේ. මෙම දිස්ත්‍රික්කයේ 80% ක් පමණ භූමිය ප‍්‍රධාන ගොඩබිම තුළ දක්නට ලැබේ.ප‍්‍රධාන ගොඩබිම තුළ පිහිටි භූමි ප‍්‍රදේශයත් දූපතත් කි.මී.4.5 ක් පමණ දිග මුහුදු තීර මාර්ගයකින් සහ පාලමකින් සම්බන්ධවී තිබේ.

පරිපාලන වශයෙන් මෙම දිස්ත‍්‍ත්‍රික්කය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 කින් යුක්ත වෙ. ඒවානම් මන්නාරම, නානාට්ටාන්, මුසලි, මාන්තෛ බටහිර සහ මඩු වශයෙන් වෙ. මෙම දිස්ත්‍රික්කය තුළ  ප‍්‍රාදේශීය සභා  4 ක්ද නගරසභා එකක් වශයෙනුත් පවති.  ප‍්‍රාදේශීය සභා නම් මන්නාරම ප‍්‍රාදේශීය සභාව, නානාට්ටාන් ප‍්‍රාදේශීය සභාව, මුසලි ප‍්‍රාදේශීය සභාව සහ මාන්තෛ බටහිර ප‍්‍රාදේශීය සභාව වශයෙන් වෙ. මන්නාරම නගරය  ඇතුලත්ව නගර සභාව පිහිටා ඇත. මෙම දිස්ත්‍රික්කය ග‍්‍රාම නිළධාරී කොට්ඨශ 153 කින්ද ගම් 587 කින්ද යුක්ත වෙ.


මන්නාරම් දිස්ත‍්‍රීක් සීමාව


උතුර         :   කිළිනොච්චි සහ මුලතිවු දිස්ත්‍රික්ක.
නැගෙනහිර  :   වවුනියා දිස්ත්‍රික්කය.
දකුණ        :   අනුරාධපුර සහ  පුත්තලම දිස්ත්‍රික්කය.
බටහිර       :   මුහුද.




 

දැක්ම
මන්නාරම දිස්ත්‍රික් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සදහාවූ තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමී මෙහෙයුම්කරු


මෙහෙවර

රජයේ අපේක්ෂාවන් ඉටුවන ආකාරයට අවම පිරිවැයකින් මහජනතාව වෙත කාර්‍යක්ෂම සහ සඵල, තිරසාර සේවා සැපයීම වෙනුවෙන් රාජ්‍ය සහ පුද්ගලික ආයතන ඇතුලත්ව සියළුම සංවිධානවල කාර්‍ය සාධනය ඉහල නංවා ගැනීමට ඔවුන්ගේ ක්‍රියාවලින් සම්බන්ධිකරණය සහ නියාමනය කිරීම.


අරමුණ

රජයේ ක‍්‍රියාකාරකම් සමිබන්ධීකරණය කිරීමට විවිධ නීතිමය  විධි විධානවලින් පවරා ඇති කාර්යයන් පවත්වාගෙන යාම, සමාජ ආර්ථික  සංවර්ධන  ව්‍යාපෘති සකස් කිරීම,කි‍්‍රයාත්මක කිරීම හා අධීක්ෂණ කිරීම සහ  අදාල පාර්ශවයන් ප‍්‍රතිලාභ භුක්ති විදීම තහවුරු කිරීම ආදිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණ වේ.

 


මන්නාරම දිස්ත්‍රික්කයේ සේවය කල දිසාපතිවරු/ දිස්ත්‍රික් ලේකම්වරු

 

 

අංකය

නම

සේවා කාලය

01

ඩබ්ලිව්. පතිරණ මහතා

01-12-1956 සිට 07-02-1958

02

සී.ලුඩිකින්ස් මහතා

27-03-1958 සිට 06-09-1959

03

ඩී.ජේ.එෆ්.ඩී.ලියනගේ මහතා

07-09-1959 සිට 16-01-1961

04

එන්.පී.ජෙගනාදන් මහතා

16-01-1961 සිට 15-04-1963

05

අයි.ඕ.කේ.ජී. ප්‍රනාන්දු මහතා

16-04-1963 සිට 14-07-1965

06

ඩී.නේසයියා මහතා

15-07-1965 සිට 25-05-1968

07

එස්.කදිර්ගාමනාදන් මහතා

26-05-1968 සිට 31-12-1974

08

එන්.ජෙයනාදන් මහතා

01-01-1975 සිට 19-09-1979

09

කේ.එච්.සී. ප්‍රනාන්දු

10-09-1980 සිට 09-02-1982

10

ඩී.වාමදේවන් මහතා

09-02-1982 සිට 15-11-1982

11

ඒජේ.සෙන්දිල්නාදන් මහතා

15-11-1982 සිට 14-06-1985

12

එම්.එම්.අබ්දුල් කාදර් මහතා

05-06-1985 සිට 26-10-1985

13

එම්.එම්.එම්.මැක්බුල්

27-10-1985 සිට 22-01-1988

14

ඒ.සී.සෙබනායගන් මහතා

23-01-1988 සිට 05-03-1988

15

එස්.එස්.ධර්මපාලන් මහතා

06-03-1988 සිට 31-08-1989

16

ඒ.සී.සෙබනායගන් මහතා

01-09-1989 සිට 09-06-1991

17

කේ.ගනේෂ් මහතා

10-06-1991 සිට 19-01-1995

18

එස්.මරියදාසන් කෘස් මහතා

20-01-1995 සිට 23-01-2000

19

වී.විශ්වලිංගම් මහතා

24-01-2000 සිට 09-06-2007

20

ඒ.නිකොලස්පිල්ලේ මහතා

10-06-2007 සිට 10-01-2011

21

එන්.වේදනායන් මහතා

11-01-2011 සිට 14-11-2011

22

ජේ.ඒ.සරත් රවින්ද්‍ර මහතා

15-11-2011 සිට 11-07-2013

 
පුවත් සහ සිදුවීම්